සිංහලෙන් ඩිසයින් #03 [Design ඉතිහාසය]

Design ඉතිහාසය

අද අප පුහුණු කරන ස්වරූපයේ විෂයයක් ලෙසට ඩිසයින් වැඩී වර්ධනය වූයේ යුරෝපය ඇසුරේයි. එනිසා එහි වර්ධනය ගැන කතා කරන විට යුරෝපීය සමාජයේ පරිණාමය පිළිබඳ සංකල්ප මඟහැර යන්නට බැහැ. එමෙන්ම අපි design යන සංකල්පය බිහිවූ හැටි සළකා බැලුවොත් එහි මූලයන් සොක්‍රටීස් ටත් පෙර පැවති පැරණි ග්‍රීක බසෙහි පවා හඳුනාගත හැකියි. design යන වදන බිහිවූ හැටි සලකා බැලුවොත් ග්‍රීක බසට පසුව නිර්මාණය වන ලතින් බසෙහි ‘ව්‍යුත්පන්න වීම’ යන අරුතැති de උපසර්ගයත් ‘හස්ත සංඥාව/ සලකුණ/ කුරුසිය/ තරු රාශිය’ (හස්ත සංඥා කිරීම/ සලකුණු කිරීම/ හස්තයෙන් කුරුසිය ලකුණු කරගැනීම/ තරු රාශිය දිස්වීම) යන අරුතැති signare ක්‍රියාපදයත් එක්වීමෙන් de+signare = designare ලෙසට වර්ධනය වී ‘to designate’ යන අරුතින් මධ්‍යකාලීන ඉංග්‍රීසි බසෙහි භාවිතා වී වර්තමානයේ design යන වදන දක්වා වර්ධනය වී පැමිණි සංකල්පයක් ලෙසින් හඳුනාගත හැකියි.

එසේම, මේ සංකල්පයේ වර්ධනය සිදුවූ කාලය පුරාවටම එය යොදාගෙන ඇත්තේ පොදු කුලකයෙන් එක් කොටසක් තෝරා වෙන්කොට එම කොටස සමස්තයේ අනෙකුත් කොටස්වලට වඩා වෙනස් බව හඳුන්වා දැක්වීමට බවත් පෙනෙනවා. මේ තෝරාගත් කොටස පාලක පන්තියට අයත් බවක් පෙනෙන්නේ නැතත් නිතරම පාලනය හා සම්බන්ධ ක්‍රියාවලීන්ට දායක වීම නිසා පාලක පන්තියට ආසන්නව කටයුතු කර ඇති බවත් පැහැදිලියි. අතීත ලෝකයේ ඩිසයින් මොනවාදැයි විමසා බැලීම මේ අදහස්වල වලංගුතාවය පිරික්සා බලන ඕනෑම අයෙකුට හොඳ එළඹුමක්.

ඒ අයුරින් මුල් කාලීනව privileged social class එකකට සේවය සැපයීමට වෙන්වීම හරහා තමනුත් ඒ privileged category යට ආසන්න ලෙස designated වී ස්ථානගත වුනත් ධනවාදයේ වර්ධනයත් සමඟ මේ ක්‍රියාවලිය වඩ වඩාත් සංකීර්ණ වී ධනවාදී ආකල්ප සමඟ වඩ වඩාත් බද්ධ වුණා. එවිට පාලක පන්තිය වෙනුවෙන් වැඩකිරීම වෙනුවට ප්‍රාග්ධනය යොදවන පිරිස වෙනුවෙන් වැඩකිරීම සහ නිර්මාණ කිරීම තෙක් වෙනස් වී පසුව අනෙක් රැකියා මෙන්ම සමාජයීය අරමුණු හා බැඳී පොදු සමාජය වෙනුවෙන් බහුතරයේ පොදු භාවිතයට ගැලපෙන සේ නිර්මාණ කිරීම තෙක් විකාශනය වුණා. එය ධනවාදයේම වර්ධිත, සංකීර්ණ ස්වරූපයක්.

Design වදන අපට එන්නේ ඉංග්‍රීසියෙන් හැඳින්වෙන යුරෝපීය සංකල්පයක් සහ ඉංග්‍රීසි වදනක් ලෙසයි. එහෙයින් ඊට අනුව මේ වදන උසුරුවිය යුත්තේ dizain (IPA: /dɪˈzaɪn/) ලෙසිනුයි. තත්සම වදනක් සේ ගන්නා බැවින් එය සිංහලයෙහිදීත් ඩිzසයින් ලෙස උසුරුවිය යුතු වුවත් zස යන හඬ නැංවීමට තවමත් සිංහල අකුරක් නැති නිසාත් උච්ඡාරණයේ පහසුවටත් ඩිසයින් ලෙසින්ම හැඬවෙනු බොහෝවිට දකින්නට හැකියි.

https://www.facebook.com/AMSMJCBA/posts/10213308292921663

2 Likes